Friday, December 16, 2011


පුටින් ඇමරිකාව එළිපිට සටනට කැඳවයිඅමෙරිකාව ලෝකයේ අනෙකුත් රාජ්‍යයන්හි කඩාකප්පල්කාරි කි‍්‍රයා සැලසුම් කිරීමට මූලිකව සිටින බ පවසමින් රුසියානු අග‍්‍රාමාත්‍ය ව්ලැදිමියර් පුටින් අමෙරිකා එක්සත් ජනපදයට අනතුරු ඇගවීමක් නිකුත් කරමින් විශේෂ නිවේදනයක් තිකුත් කර තිබේ. අමෙරිකානු ත‍්‍රස්තවාදය යුධමය වශයෙන් පමණක් නොව ආර්ථිකමය වශයෙන් සිදුකෙරෙන්නක් බවයි පෙන්වා දී ඇති පුටින් අරාබිකරය තුළ හටගත් නොසන්සුන්කාරි තත්වය සහ ලිබියානු නායක මුහම්මර් අල් ගඩාෆි ඝාතනය කිරීම අමෙරිකාවේ පැහැදිලි කුමන්ත‍්‍රණයන් බවද කියා සිටී.
මේ වන විට රුසියාව තුළ කි‍්‍රයාත්මක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සදහා ද අමෙරිකානු බුද්ධි අංශ වල හස්තය කි‍්‍රයාත්මක වන බව පෙනුවාදෙන අග‍්‍රාමාත්‍යවරයා මෙවැනි නොමනා කි‍්‍රයාවන් සිදු නොකරන ලෙසත් එහි ප‍්‍රතිවිපාක අයහපත් විය හැකි බවත් අමෙරිකාවට අවධාරණය කර ඇත.
මූලාශ‍්‍ර 01 02 03 04 05

No comments:

Post a Comment