Friday, December 16, 2011


ඉරානයට ලොව දස දෙසින් සහය පලවේ. චාවේස්ගේ සහයත් ලැබේ



අමෙරිකාව සිදුකරන කි‍්‍රයාවන්හි ප‍්‍රතිවිපාක ලගදීම මුළු ලොවටම විඳින්නට සිදුවන බව වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් පවසයි.
වියානා නුවර පැවති ඔපෙක් සමුළුව අමතමින් ඔහු පැවසුවේ ‘අපි මේවාට කළ යුතූ දේ දන්නවා. නමුත් අපි උනත් රටක ස්වෛරීභාවය අගය කරනවා’ යනුවෙනි. එසේම ඔවුන්ගේ මෙම ක‍්‍රියාවන්  ඔපෙක් සංවිධානයට හෝ ඉරානය හා සිරියාව සමග ඇති මිත‍්‍රත්වයට හෝ බාධා කලහොත් වෙනිසියුලාවද ඉරානයට  සහය පල කිරිමට  කිසිසේත්ම මැලි  නොවන බවටද ජනපති චාවේස් කියා සිටී.
තව  දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වෙනිසියුලා රජය ඔපෙක්  සංවිධානය දියුණුව සදහා දායකත්වය සපයන බවත් අමෙරිකානු අධිරාජ්‍යවාදය හෙලා දකින බවත් පවසයි. ලෝකයේ අනෙකූත් රටවල්  යනු අමෙරිකානු රටවල් බිලී බෑමේ ව්‍යාපාරයේ ඉත්තන් සේ සිතිමෙන් ඔවුනට ලොව තනිවී සිටීමට  සිදු වන බවත් චාවේස් ඔපෙක් සමු`ථෙවිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
- Snaka

1 comment: