Friday, December 16, 2011


ඇමරිකාවේ කෝටි 14ක් අන්ත දිළින්දන්අමෙරිකාවේ ජන සංඝනන කාර්යාංශයේ නවතම දත්ත වාර්තා වලට අනුව එරට ජන සංඛ්‍යාවෙන් මිලියන 140කට අධික සංඛ්‍යාවක් දිලිදු බවෙන් පෙළෙයි. ඉන් මිලියන 91  ක් ම අඩු ආදායම් ලාභින් වන අතර ඉතිරි මිලියන 49 නැතිබැරිකමින් පෙලෙන දිලින්දන් බවද වාර්තාවේ සඳහන්ය.
මෙම දිලිදු බව මැනීමේ දර්ශකයයන් ලෙස විශලේෂකයන් යොදාගෙන ඇත්තේ එරට වැසියන්ගේ සෞඛ්‍යය වාර්තා, ජීවන වියදම් ආදියයි. ඒ අනුව සෑම අමෙරිකානුවන් 3 දෙනකූගෙන්ම 1 අයෙකූ මෙම අභාග්‍යයසම්පන්න තත්වයට ගොදුරු  වන බව ඔවුන් සොයා ගෙන ඇත.
මේ තත්වය එක්වරම ඇති වූවක්  නොවන අතර 2007 වසරේ සිට ක‍්‍රමයෙන් වර්ධනය වී 2009 දී 14.3%  වූ දරිද්‍රතා ප‍්‍රතිශතය 2010 දී  15.3% දක්වා ඉහල ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. මේ හේතූවෙන් ඔවුන් සතූ වත්පොහොසත්කම්  සීඝ‍්‍ර පසුබෑමකට ලක් වී ඇති අතර මෙයට හේතූව ලෙස  එරට වෝල් ස්ටී‍්‍රට් විරොධතාකරුවන් දක්වන අදහස වන්නේ අමෙරිකාව මැදපෙරදිග රටවල් හා යුද්ධ වලට යොමු වීමත් ඒ තූල මූල්‍යය අර්බුධයට හා විරැකියාව අමෙරිකාව මුහුණ පෑ බවත්ය.
මූලාශ‍්‍ර – 01

No comments:

Post a Comment